• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා නව පනතක් හඳුන්වාදීම
- අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත හා ඊ‍ට අනුශාංගික පනත් සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, අල්ලස් පනතේ 70 වන වගන්තිය සංශෝධනය කොට 2018 අංක 22 දරන අල්ලස් (සංශෝධන) පනත ලෙසත්, පරීක්ෂණ කොමිෂන් සභා පනත සංශෝධනය කර එය 2019 අංක 3 දරන පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත ලෙසත් දැනටමත් නීතිගත කර තිබේ. ඊට අමතරව අල්ලස් හෝ දූෂණ කටයුතු තුරන් කිරීම සඳහා තවදුරටත් කෙටුම්පත් කිරීමට නියමිත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නව පනත, අල්ලස් පනත සඳහා සංශෝධන පනත සහ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතියට අදාළ සංශෝධන පනත යන පනත් වෙනුවට එක් සංගෘහිත පනතක් කෙටුම්පත් කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.