• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය සඳහා උපදේශක සේවාවන් ප්‍රසම්පාදනය කිරීම
- උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් එයට පහළින් පිහිටි බක්මැඩිල්ල අමුණ ආශ්‍රිතව හා මිනිපේ වම් ඉවුරු ව්‍යාපාරය සඳහා ඇති විය හැකි ජල හිඟයට විකල්පයක් ලෙස තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශාත්මක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මෙම ව්‍යාපෘතියේ උපදේශක කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 333ක මුදලකට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත ප්‍රදානය කිරීමටත්, ඒ සඳහා වන අනෙකුත් පහසුකම් සැලසීමටත් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.