• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව පස් මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- ග්‍රාම නිලධාරි වසම් 57ක වෙසෙන 218,000කට අධික ජනතාවක් වෙත සේවා සපයනු ලබන ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා රුපියල් මිලියන 167.9ක මුළු පිරිවැයක් යටතේ නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල ඉදි කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. එසේ වුවද, මෙම ගොඩනැඟිල්ලේ ඉදි කිරීම් කටයුතු අතරතුර හඳුනාගන්නා ලද, මුල් ඇස්තමේන්තුව තුළ ඇතුළත් නොවූ අත්‍යවශ්‍ය ඉදි කිරීම් මෙන්ම මිල උච්ඡාවචනයන් යනාදී හේතු මත ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇස්තමේන්තුව රුපියල් මිලියන 190.7 දක්වා ඉහළ නැංවීම සහ ඒ අනුව අවශ්‍ය අනෙකුත් පහසුකම් සැලසීම පිණිස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.