• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා ඉදි කරන ලද නව ගොඩනැඟිල්ලේ වැඩ නිම කිරීම
- කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර ලබා දී ඇති අනුමැතිය අනුව ඉදි කිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර අදාළ ඉදි කිරීම් නිම කර මෙම ගොඩනැඟිල්ල භාවිතයට ගැනීම සඳහා තවදුරටත් සිදු කළ යුතු ඉදි කිරීම් සහ උපකරණ සවි කිරීම් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙතින් සිදු කරවා ගැනීම පිණිස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.