• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මන්නාරම සහ නාවලපිටිය උසස් තාක්ෂණ ආයතනයන්හි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
- නාවලපිටිය උසස් තාක්ෂණ ආයතනයේ පාඨමාලා 03ක් සඳහා සිසුන් 119 දෙනෙකු සහ මන්නාරම උසස් තාක්ෂණ ආයතනයේ පාඨමාලා 04ක් සඳහා සිසුන් 601 දෙනෙකු අධ්‍යයන කටයුතුවල යෙදී සිටී. එම සිසුන්ට වඩාත් ගුණාත්මක අධ්‍යයන පරිසරයක් සහ ප්‍රමාණවත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘතීන් සඳහා රුපියල් මිලියන 1,208ක ප්‍රතිපාදන වෙන් කරවා ගැනීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.