• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සහ රුහුණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම
- ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ පුස්තකාල ගොඩනැඟිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා වන කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 384.2ක මුදලකට සීමාසහිත ඩැරින්ටන් කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම වෙතත්, රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨය සඳහා ලී බඩු සහිත තෙමහල් දේශන ශාලා ගොඩනැඟිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය රුපියල් මිලියන 337.8ක මුදලකට සීමාසහිත මධ්‍යම ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම වෙත සහ රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නාවික අධ්‍යනය හා නාවික කටයුතු සඳහා උපකරණ සහිත දක්ෂිණ මධ්‍යස්ථානය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 436.3ක මුදලකට සීමාසහිත මධ්‍යම ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම වෙත අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.