• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උෂ්ණත්ව පාලිත ගබඩා සංකීර්ණයක් දඹුල්ලේ ඉදි කිරීම
- නැවුම් කෘෂි නිෂ්පාදන ගබඩා කළ හැකි කුටි 06කින් සමන්විත මෙට්‍රික්ටොන් 5,000ක ධාරිතාවකින් යුත් උෂ්ණත්ව පාලිත ගබඩා සංකීර්ණයක් දඹුල්ලේ ඉදි කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. මෙම ව්‍යාපෘතියේ පිරිවැය රුපියල් මිලියන 300ක් සඳහා ඉන්දියානු රජයේ අරමුදල් සහාය ලබා දෙනු ලැබේ. එම අරමුදල් මඟින් සිදු කරනු ලබන ඉදි කිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව M/s SAW Engineering (Pvt) Ltd සහ LQ Import Export (Pvt) Ltd විසින් ඇති කරගත් බද්ද ව්‍යාපාරය වෙත පිරිනමා ඇති අතර ගබඩා සංකීර්ණයේ තවදුරටත් සිදු කළ යුතු ඉතිරි වැඩකටයුතු රුපියල් මිලියන 225ක මුදලකට ඉහත කොන්ත්‍රාත්කරු මඟින්ම සිදු කර ගැනීම සහ ඒ සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් සලසා ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ නොවන ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් ඇමතිතුමාගේ ඉල්ලීම පරිදි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.