• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිත නව මිශ්‍ර ජාතික පාසලක් මීරිගම ප්‍රදේශයේ පිහිටුවීම
- ශීඝ්‍රයෙන් දියුණුවන ගම්පහ ආශ්‍රිත ප්‍රදේශවල වෙසෙන දරුවන් සඳහා ගුණාත්මක අධ්‍යාපන අවස්ථා සලසා දීමේ අරමුණින් සියලු පහසුකම්වලින් යුත් නව ජාතික පාසලක් මිනුවන්ගොඩ, දන්සැලේ වත්ත නැමැති ඉඩමේ අක්කර 20ක භූමිභාගයක් තුළ පිහිටුවීමට සැලසුම් කර තිබේ. යෝජිත පාසලේ එක් ශ්‍රේණියක් සඳහා සමාන්තර පන්ති 06කින් සමන්විත ත්‍රෛභාෂාවෙන් අධ්‍යාපන හැදෑරීමට හැකි පාසලක් ලෙස ස්ථාපිත කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.