• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ළමයා හා තරුණ තැනැත්තා අර්ථ නිරූපනය කිරීම සඳහා පනත් සංශෝධනය කිරීම
- ශ්‍රී ලංකාවේ විවිධ පනත් තුළ ළමයා හා තරුණ තැනැත්තා යන්නට විවිධ අර්ථ නිරූපන පැවතීම හේතුවෙන් පැන නැගී ඇති විවිධ ගැටලු සැලකිල්ලට ගෙන, ළමයෙකු යනු වයස අවරුදු 18ට අඩු තැනැත්තෙකු ලෙස අර්ථ නිරූපනය කිරීම සඳහා ළමයින් හා තරුණ තැනැත්තන් පිළිබඳ ආඥාපනත සංශෝධනය කිරීමටත්, තරුණ තැනැත්තෙකු යනු වයස අවුරුදු 18 සහ 22 අතර තැනැත්තෙකු ලෙසත් අර්ථ නිරූපනය කිරීම සඳහා තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) පිළිබඳ ආඥාපනත සංශෝධනය කිරීමටත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.