• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'ඉදිකිරී‍ම් කර්මාන්ත මණ්ඩල පනත් කෙටුම්පත' පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
- ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය 2001 වර්ෂයේදී ස්ථාපිත කරනු ලැබ ඇති අතර පසුව 2003 වසරේදී ඇපයෙන් සීමිත සමාගමක් ලෙස සංස්ථාගත කරනු ලැබ ඇත. වර්තමානයේදී වෘත්තීය ආයතන හා සංගම් 12ක් මෙම මණ්ඩලයේ සාමාජිකයින් වන අතර, පුද්ගලික සමාගම් 300කට ආසන්න ප්‍රමාණයක් මෙම මණ්ඩලය හා ඍජුව සම්බන්ධ වේ. ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩල (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත පුද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අතර, ඉන් පසුව මේ සම්බන්ධයෙන් ඉදි කිරීම් කර්මාන්තය ආශ්‍රිත පාර්ශ්වකරුවන්ගේද අදහස් ද සැලකිල්ලට ගනිමින් කෙටුම්පත් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.