• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බේරේ වැව ආශ්‍රිත සංවර්ධන ප්‍රදේශයේ මහල් නිවාස ඉදි කිරීම
- බේරේ වැව ආශ්‍රිත ප්‍රදේශය වාණිජ නගරයක් බවට පත් කර එම ප්‍රදේශයේ රැකියා උත්පාදනය කිරීමටත්, සංචාරකයින් ආකර්ශණය වන අන්දමින් සහ නිවාස, රථගාල්, කාර්යාල හා කඩසාප්පු සහිතව විධිමත්ව සංවර්ධනය කිරීමටත් යෝජනා වී ඇත. එම ව්‍යාපෘතියේ පළමු පියවර වශයෙන් බේරේ වැව ආශ්‍රිතව හඳුනාගෙන ඇති පර්චස් 83ක භූමිභාගය තුළ මහල් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එම ඉඩම් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අත්පත් කර ගැනීම සහ යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් සලසා ගැනීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.