• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශගුණික අවබලපෑම් අවම කිරීමේ වැඩසටහන
- දේශගුණික අව බලපෑම් හේතුවෙන් සිදුවන අවදානම් අවම කිරීම පිණිස මහවැලි, කැලණි, මල්වතු, ගිං, නිල්වලා, අත්තනගලු, මුන්දෙනි ආරු ගංගා ද්‍රෝණි මෙන්ම කලා ඔය, දැදුරු ඔය, මහ ඔය සහ ගල් ඔය ද්‍රෝණිද ආවරණය වන පරිදි දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය වසර 8- 10 අතර කාලසීමාවක් තුළ අදියර 03ක් යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 790ක ආයෝජනයක් සහිතව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරවා ගැනීම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා සහ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.