• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තල්පිටිගල ජලාශ ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇස්තමේන්තුව සංශෝධනය කිරීම
- තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය, චීනයේ එක්සිම් බැංකුවේ අරමුදල් යටතේ චීනයේ සීමාසහිත සිනො හයිඩ්‍රෝ සමාගම මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 174ක ඇස්තමේන්තුගත මුළු පිරිවැයක් යටතේ ඉදි කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියට අදාළ බදු වියදම, පාරිසරක සංවර්ධන කටයුතු, ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු, වන්දි ගෙවීම, නැවත පදිංචි කිරීම හා යටිතල පහසුකම් සලසා දීම වැනි කටයුතු සඳහා තවත් රුපියල් මිලියන 7,227ක මුදලක් වෙන් කළ යුතු බව තක්සේරු කර තිබේ. ඒ අනුව එම අමතර මුදලද ඇතුළත් කරමින් ව්‍යාපෘතියක් මුළු පිරිවැය ඇස්තමේන්තුව ඇමරිකානු ඩොලර් මිලියන 174ක් සහ දේශීය පිරිවැය වශයෙන් රුපියල් මිලියන 7,227ක් ලෙස සංශෝධනය කිරීම සහ අතිරේක ඇස්තමේන්තුගත පිරිවැය සඳහා වන ප්‍රතිපාදන 2019 - 2023 දක්වා කාල සීමාව තුළ භාණ්ඩාගාරයෙන් වෙන්කරවා ගැනීම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.