• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය හා ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
- තේ ක්ෂේත්‍රයේ කම්කරුවන්ගේ සාමාජීය හා ආර්ථික තත්ත්වයන් විවිධ පැතිකඩ ඔස්සේ අධ්‍යයනය කිරීම, ශ්‍රම හිඟය මඟහරවා ගැනීම සහ ශ්‍රම කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය හා ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලය අතර අධ්‍යාපනික සහයෝගිතාව සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී ඇත. මෙමඟින් දෙපාර්ශ්වය අතර ඉගැන්වීම, පර්යේෂණ කිරීම සහ ව්‍යාප්ත කිරීම යන ක්‍රියාවලි පහසු කිරීම හා වර්ධනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසනු ඇත. ඒ අනුව අදාළ අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.