• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව ශ්‍රී ලංකා රජය, CHEC පෝට් සිටි කළම්බු සමාගම සහ චීන සංවර්ධන බැංකුව අතර ගිවිසුමකට එළඹීම
- කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ CHEC පෝර්ට් සිටි කළම්බු (පුද්ගලික) සමාගම අතර ත්‍රෛයිපාර්ශ්වික ගිවිසුමක් අත්සන් තබනු ලැබ ඇත. එකී ගිවිසුමේ විධිවිධාන අනුව ශ්‍රී ලංකා රජය විසින් CHEC පෝර්ට් සිටි කළම්බු (පුද්ගලික) සමාගමට ණයකරුවන් සමඟ ගිවිසුමකට එළඹීම සඳහා අවශ්‍ය සහාය ලබාදිය යුතු වේ. CHEC පෝර්ට් සිටි කළම්බු (පුද්ගලික) සමාගම විසින් ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සඳහා චීන සංවර්ධන බැංකුව වෙතින් දිගුකාලීන ණය පහසුකමක් ලබාගැනීමට සැලසුම් කර ඇත. ඒ සඳහා එළඹිය යුතුව ඇති ණය ගිවිසුම චීන සංවර්ධන බැංකුව, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ ව්‍යාපෘති සමාගම අතර අත්සන් තැබීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.