• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කළුතර දිස්ත්‍රික් මහ රෝහල සංවර්ධනය කිරීම
- රත්නපුර සහ ගාල්ල යන යාබද දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාවටද සෞඛ්‍ය සත්කාරක සේවාවන් සපයනු ලබන කළුතර මහ රෝහලේ බොහෝ ගොඩනැඟිලි වසර 50කට ආසන්න කාලයක් පැරණි වන අතර, ඒවා කඩිනමින් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. ඒ අනුව වඩාත් ගුණාත්මක රෝගී සත්කාරක සේවාවක් ලබා දීමේ අරමුණින් කළුතර දිස්ත්‍රික් මහ රෝහල සඳහා පොදු පහසුකම් සහිත ගොඩනැඟිල්ලක්, බාහිර රෝගී අංශය සඳහා ගොඩනැඟිල්ලක්, රෝග විනිශ්චය කටයුතු සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක්, ලොන්ඩරියක්, ශල්‍ය වාට්ටු සංකීර්ණයක්, කාර්ය මණ්ඩලය සඳහා නවාතැන් පහසුකම් සහ නිල නිවාස ඉදි කිරීම මඟින් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව යෝජිත සංවර්ධන වැඩසටහන් රුපියල් මිලියන 6,221ක ආයෝජනයක් සහිතව ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.