• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බෝනොවන රෝග වළක්වා ගැනීම පිළිබඳව වන බහු පාර්ශ්වීය ක්‍රියාකාරී සැලැස්ම - 2016 - 2020
- ශ්‍රී ලංකාවේ ජනතාවට වැළ‍ඳෙන රෝග අතරින් 70%ක් පමණම හෘදයාබාධ, දියවැඩියාව, අධික රුධිර පීඩනය, අඝාතය සහ පිළිකා වැනි නිදන්ගත බෝනොවන රෝග වශයෙන් හඳුනාගනු ලැබ ඇති අතර, මේ පිළිබඳ මෑතක දී සිදු කරන ලද සමීක්ෂණයක් මඟින් ද එවැනි සාධකවල වර්ධනය වීමක් පෙන්නුම් කරනු ලැබ තිබේ. මෙම තත්ත්වය අවම කරගැනීම පිණිස අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වය සහිතව බෝනොවන රෝග වළක්වා ගැනීම සඳහා 2016 - 2020 කාලපරිච්ඡේදය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස වන සැලැස්මක් පිළියෙළ කර ඇත. ඒ අනුව, 2019 වර්ෂය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන තුළ මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.