• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හැඩ ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීම
- සියඹලාණ්ඩුව, මඩුල්ල, ලාහුගල හා පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට වාරි හා පානීය ජලය සැපයීමත් එම ප්‍රදේශවල ගංවතුර පාලනය කිරීමත් පිණිස හැඩ ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. යෝජිත බහු කාර්ය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇති විය හැකි ප්‍රායෝගික ගැටලු මඟහරවා ගැනීම සහ එමඟින් බලපෑමට ලක් වන ප්‍රදේශවාසීන්ගේ අවශ්‍යතා පිළිබඳ සැලකිල්ල යොමු කිරීම පිණිස අදාළ පාර්ශ්වයන්ගේ සහ ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත කාර්ය බලකායක් පිහිටුවීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා සහ කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව සහ එම යෝජනා ක්‍රියාත්මක කිරීමේදී පැන නැඟින ගැටලු නිරාකරණය කිරීම සඳහා අමාත්‍යවරුන්ගෙන් සමන්විත අනුකමිටුවක් පිහිටුවීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.