• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2018 මූල්‍ය වර්ෂයට අදාළ හිඟ බැඳීම් නිරවුල් කිරීම
- 2018 වර්ෂය තුළදී රජය විසින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන වැඩකටයුතු සඳහා ගෙවීම්, රාජ්‍ය ආදායම අපේක්ෂිත ලෙස වර්ධනය නොවීම/ඉහළ නොයෑම හේතුවෙන් ඇති වූ ආදායම් ඌණතාව මත එම වර්ෂය තුළදීම නිරවුල් කිරීම ප්‍රමාද විය. ඒ අනුව එම සංවර්ධන වැඩසටහන් සඳහා අදාළ හිඟ බැඳීම් නිරවුල් කිරීමට අතිරේක අරමුදල් සලසා දීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.