• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙනුවෙන් ඉදි කරනු ලබන මහල් 17ක ගොඩනැඟිල්ල සඳහා රුපියල් මිලියන 5000ක අරමුදල් පහසුකම් සලසා දීම
- කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙනුවෙන් මහල් 17ක ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීමට අනුමැතිය මීට පෙර ලබා දුන් අතර, එම ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 5,000ක මූල්‍ය පහසුකම් එම කොන්ත්‍රාත්කරු වෙත ලබා දීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව අදාළ ඉදි කිරීම් සඳහා අවශ්‍ය රුපියල් මිලියන 5,000ක අරමුදල් ලංකා බැංකුව මඟින් ලබා දීම සඳහා එකඟතාවය පළ කර තිබේ. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.