• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ පරිපාලන කටයුතු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැවරීම
- 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ සහ ඊ‍ට අදාළ සංශෝධන අනුව එම පනතේ පරිපාලන කටයුතු නිෂ්පාදන බදු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැවරී ඇත. නිෂ්පාදන බදු පනතේ කටයුතු සඳහා නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීමට සහ ඒ අනුව අදාළ පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට ‍ෙපර අනුමැතිය ලබා දී තිබුණද එම තීරණයට අනුරූපීව එම පනත සංශෝධනය කිරීමක් සිදු වී නොමැත. එම හේතුවෙන් උක්ත පනත ක්‍රියාත්මක කිරීමේදී ඇති වන ඇතැම් දුෂ්කරතා මඟහරවා ගැනීම පිණිස නිෂ්පාදන බද්දට යටත් කළ හැකි භාණ්ඩ සම්බන්ධයෙන් බදු පැනවීම, බදු රැස්කිරීම, හිඟ බදු අය කිරීම හා වැඩිපුර අයකරන ලද බදු ආපසු ගෙවීම සඳහා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය ලබා දෙමින් නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.