• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නේපාලයේ ආනන්දකුටී මහා විහාරය හා රාතෝ මච්චින්ද්‍රනාත් හින්දු කෝවිල ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය
- නේපාලයේ ඇතිවූ භූමිකම්පාවෙන් හානියට පත්වූ ස්වායම්බුනාත්හි ආනන්දකුටී මහා විහාරය හා ලලිට්පූර්හි රාතෝ මච්චින්ද්‍රනාත් හින්දු කෝවිල ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත. මෙම ප්‍රතිසංස්කරණ සඳහා මේ වන විට රුපියල් මිලියන 293.54ක මුදලක් යොදවා ඇති අතර ආනන්දකුටී මහා විහාරය ප්‍රතිසංස්කරණ වැඩකටයුතු වලින් සියයට 84ක පමණ භෞතික ප්‍රගතියක් සහ රාතෝ මච්චින්ද්‍රනාත් හින්දු කෝවිල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුවල සියයට 43ක පමණ භෞතික ප්‍රගතියක් අත්පත් කර ගෙන ඇත. මෙම ප්‍රතිසංස්කරණ කටයුතු යෝජිත පරිදි නිම කිරීම සඳහා තවදුරටත් අවශ්‍ය වන අරමුදල් සම්බන්ධයෙන් බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සලකා බලා රුපියල් මිලියන 114ක අතිරේක ප්‍රතිපාදන ලබා දීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.