• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කසල කළමනාකරණය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම
- කැලි කසල නිසි පරිදි කළමනාකරණය නොකිරීම හේතුවෙන් මහජනතාව පීඩාවට පත්ව ඇති අතර, එය ස්වභාවික පරිසරය විනාශ වීමටද හේතුවක්ව ඇත. එසේම නිසි ලෙස කසල බැහැර කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට එරෙහිව විරෝධතාද මතු වී තිබේ. එබැවින් ජාතික ගැටලුවක් බවට පත්ව ඇති කැලි කසල ගැටලුව නිසි පරිදි කළමනාකරණය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා; මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලයේ නොවන ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යවරයාගෙන් සමන්විත වන කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.