• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වීදි ආලෝකකරණය සඳහා එල්.ඊ.ඩී. වීදි පහන් සවි කිරීමේ ව්‍යාපෘතිය
- දැනට පවතින සාම්ප්‍රදායික වීදි පහන් වෙනුවට වීදි ආලෝකකරණය සඳහා කාර්යක්ෂම එල්.ඊ.ඩී. වීදි පහන් සවි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාවක් කොරියානු ටෙලිකොම් සමාගම විසින් මීට පෙර ඉදිරිපත් කරන ලදී. එම යෝජනාව පිළිබඳව අධ්‍යනය කර කරුණු ඉදිරිපත් කිරීම සඳහා නිලධාරි කමිටුවක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලදී. යෝජිත ව්‍යාපෘතිය මඟින් සලසා ගත හැකි ප්‍රතිලාභ මෙන්ම මෙම පද්ධතිය යොදා ගනිමින් කොළඹ නගරය ඇතුළු ප්‍රධාන නගර කිහිපයක ආරක්ෂාව හා කසල කළමනාකරණය ක්‍රමවත් කිරීමට CCTV කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමට හැකිවීම, මහජනතාවට භාවිතා කළ හැකි WIFI පහසුකම් ලබා දීම යනාදී ප්‍රතිලාභ සම්බන්ධයෙන් නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගෙන විදුලි ආලෝකකරණය සඳහා දැනට පවතින සාම්ප්‍රදායික වීදි පහන් වෙනුවට කාර්යක්ෂම LED වීදි පහන් සවි කිරීමේ ව්‍යාපෘතිය කොරියානු ටෙලිකොම් සමාගම වෙත පිරිනැමීම මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.