• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රටතුළ අඛණ්ඩ විදුලි සැපයුම සහතික කිරීම සඳහා මෙගාවොට් 100ක අතිරේක විදුලි ධාරිතාවයක් මාස 6ක කාලයක් සඳහා මිල දී ගැනීම
- අඛණ්ඩ විදුලි සැපයීම සහතික කිරීම සඳහා මෙගා වොට් 100ක අතිරේක විදුලි ධාරිතාවක් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පල්ලෙකැලේ ග්‍රිඩ් උපපොළ සඳහා මෙගා වොට් 24ක විදුලි ධාරිතාවක් හා ගාල්ල ග්‍රිඩ් උපපොළ සඳහා මෙගා වොට් 10ක විදුලි ධාරිතාවක් කිලෝ වොට් 1ක් රුපියල් 30.20ක මුදලකට සැපයීමේ කොන්ත්‍රාත්තුව එක්සත් රාජධානියේ Aggreko International Project Ltd වෙතත්, මහියංගනය ග්‍රිඩ් උපපොළ සඳහා මෙගා වොට් 10ක විදුලි ධාරිතාවක් කිලෝ වොට් 1ක් රුපියල් 30.58ක මුදලකට හා පොළොන්නරුව ග්‍රිඩ් උපපොළ සඳහා මෙගා වොට් 8ක විදුලි ධාරිතාවක් කිලෝ වොට් 1ක් රුපියල් 30.63ක මුදලකට සැපයීමේ කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Altaaqa Alterrative Solution Global FZE වෙතත්, හම්බන්තොට ග්‍රිඩ් උපපොළ සඳහා මෙගා වොට් 24ක විදුලි ධාරිතාවක් කිලෝ වොට් 1ක් රුපියල් 28.43ක මුදලකට හා හොරණ ග්‍රිඩ් උපපොළ සඳහා මෙගා වොට් 24ක විදුලි ධාරිතාවක් කිලෝ වොට් 1ක් රුපියල් 28.70ක මුදලකට සැපයීමේ කොන්ත්‍රාත්තුව හොංකොං හි V Power Holdings Ltd. වෙතත් මාස 06ක කාලයක් සඳහා පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.