• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ කොටස් හුවමාරුව, කොටසින් සීමිත සමාගමක් බවට පරිවර්තනය කිරීම
- ලාභ අරමුණු කර නොගත්, සාමාජිකයින් විසින් පාලිත සංවිධානයක් වශයෙන් ක්‍රියාත්මක වන්නා වූ කොළඹ කොටස් හුවමාරුව, ලාභ අරමුණු කරගත්, කොටස් හිමියන්ගේ අයිතියට සතු වු සමාගමක් බවට පරිවර්තනය කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබේ. ඒ අනුව ඇපයෙන් සීමිත සමාගමක් ලෙස ක්‍රියාත්මක වන්නා වූ ‍කොළඹ කොටස් හුවමාරුව කොටසින් සීමිත සමාගමක් බවට පත් කර, එහි නෛතික තත්ත්වය වෙනස් කිරීම පිණිස කෙටුම්පත් කර ඇති පනත් කෙටුම්පතෙහි, තවදුරටත් සිදු කළ යුතු යැයි හඳුනාගෙන ඇති කොළඹ කොටස් හුවමාරුවේ කොටස් බෙදී යාමේ අනුපාතය ද ඇතුළත් කරමින් සංශෝධනය කිරීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.