• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහනේ 2 වන සංරචකය යටතේ කිලෝවොට් 33 බෙදාහැරීම් මාර්ග හා ගැන්ට්‍රි ඉදි කිරීම
- ලංකා විදුලිබල මණ්ඩලයට අයත් සම්ප්‍රේෂණ හා බෙදා හැරීමේ ජාලය ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහනේ දෙවන ගෙවීම් පියවර 2 යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 150ක හා යුරෝ මිලියන 30ක ණය ආධාර ලබා දී ඇත. මෙම ණය ආධාර මඟින් පැකේජ 06ක් හා එක් උපදේශක සේවා කොන්ත්‍රාත්තුවක් යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇති අතර, එහි පැකේජ 4 යටතේ කිලෝවොට් 33 බෙදාහැරීම් මාර්ග හා ගැන්ට්‍රි ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 2,708.6ක මුදලකට සීමාසහිත Ceylex Engineering පුද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.