• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විදුලිබලය සැපයීමේ විශ්වාසනීයත්වය වැඩි දියුණු කිරීමට සහාය වීමේ ව්‍යාපෘතිය යටතේ කිලෝවොට් 33නේ බෙදාහැරීමේ මාර්ග කුලුනු සහ ග්‍රැන්‍ට්‍රි ඉදි කිරීම
- ලංකා විදුලිබල මණ්ඩලයට අයත් සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් විදුලිබලය සැපයීමේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීමට සහාය වීමේ ආයෝජන වැඩසටහන යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 115ක ණය මුදලක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතිය මඟින් පැකේජ 9ක් යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙමින් පවතින අතර, එහි පැකේජය 4 යටතේ කිලෝවොට් 33නේ බෙදාහැරීමේ මාර්ග කුලුනු සහ ග්‍රැන්‍ට්‍රි ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 6,781.5ක මුදලකට චීනයේ Qingdao Huijintong Power Equipment Co. Ltd. වෙත පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.