• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශල්‍ය ප්‍රතිකාරවලදී භාවිත කරනු ලබන ශල්‍ය පාරිභෝජ්‍ය නොවන අයිතම මිල දී ගැනීම
- ශල්‍ය ප්‍රතිකාරවලදී ශල්‍ය පාරිභෝජ්‍ය නොවන අයිතම ලෙස භාවිතා කරනු ලබන අයිතමයන් වර්ග 07ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත CIC Holdings පොදු සමාගම වෙත රුපියල් මිලියන 428.8ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.