• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගැබ්ගෙළ පිළිකා වැළැක්වීම සඳහා එන්නත් කරනු ලබන චතුර්සංයුජ මානව පැපිලෝමා වෛරස ප්‍රතිසංයෝජිත වැක්සීනය තනි මාත්‍රාවේ වයල්ස් 400,000ක් මිල දී ගැනීම
- මෙරට කාන්තාවන්ට වැළදෙන පිළිකා අතරින් දෙවෙනියට වැඩි වශයෙන් පවතින පිළිකා වර්ගය ලෙස ගැබ්ගෙළ පිළිකාව හඳුනාගනු ලැබ ඇත. අනාගතයේ ගැබ්ගෙළ පිළිකා වැළැක්වීම සඳහා මානව පැපිලෝමා වෛරස එන්නත ලබා දීම ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට ඇතුළත් කරනු ලැබ ඇත. ඒ සඳහා අවශ්‍ය වන චතුර්සංයුජ මානව පැපිලෝමා වෛරස ප්‍රතිසංයෝජිත වැක්සීනය තනි මාත්‍රාවේ වයල්ස් 400,000ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ‍ඩොලර් මිලියන 1.98ක මුදලකට යුනිසෙෆ් වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.