• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ද සොයිසා කාන්තා රෝහලේ විශේෂිත මාතෘ ඒකකයක් ඉදි කිරීම
- දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ගර්භණී මව්වරුන් වෙනුවෙන් සේවා සලසනු ලබන ද සොයිසා කාන්තා රෝහල වෙත හෘද රෝග, දියවැඩියාව හා අධික රුධිර පීඩනය වැනි සංකීර්ණ සංකූලතා සහිත ගර්භණී මව්වරු දරු ප්‍රසූතිය හා වෙනත් ප්‍රතිකාර වෙනුවෙන් පැමිණෙති. එම මව්වරුන් සඳහා වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවා පහසුකම් සැලසීමේ අරමුණින් මෙම ‍රෝහලෙහි විශේෂිත මාතෘ ඒකකයක් ඉදි කිරීමට සැලසුම් කර තිබේ. එම ඉදි කිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 249.8ක මුදලකට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය/ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.