• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1973 අංක 25 දරන ක්‍රීඩා පනත සංශෝධනය කිරීම
- ක්‍රීඩා ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් මාර්ගෝපදේශ සපයනු ලබන 1973 අංක 25 දරන ක්‍රීඩා පනත 1993, 1998 සහ 2005 වසරවලදී කාලීන අවශ්‍යතාවන් මත සංශෝධනය කර තිබේ. ජාතික ක්‍රීඩා සංගම්වල වාර්ෂික ගිණුම් වාර්තා විගණකාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන පිළිගත් ක්‍රමවේදයක් යටතේ විගණනය කිරීම සඳහා අනුමැතිය ලබා දීම, ක්‍රීඩා පනත යටතේ නියෝග සෑදීමට අමාත්‍යවරයාට හැකියාව ඇති කරුණු සවිස්තරව නිර්වචනය කිරීම, ක්‍රීඩා පනත යටතේ අය කරනු ලබන දඩ මුදල් ඉහළ නැංවීම, ජවන හා පිටිය ක්‍රීඩා සම්බන්ධ ජාත්‍යන්තර කීර්තියක් දිනා ඇති හා ඔලිම්පික් හෝ ඒ සමාන තරගාවලි සඳහා නියෝජනය කර ඇති ක්‍රීඩකයින් දෙදෙනෙකුවත් ජාතික ක්‍රීඩා සභාවට ඇතුළත් වන ලෙස අවශ්‍ය විධිවිධාන සැලසීම, ක්‍රීඩා පනත යටතේ වරදකරුවන් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ බලය තවදුරටත් ශක්තිමත් කිරීම ඇතුළු කරුණු ඇතුළත් කරමින් 1973 අංක 25 දරන ක්‍රීඩා පනත යාවත්කාලීන කිරීම සඳහා අවශ්‍ය සංශෝධන සිදු කිරීම පිණිස පනත් කෙටුම්පත් කිරීමට විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.