• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නාය යෑමේ ඉහළ අවදානමක් සහිත මාර්ගවල නාය යෑම් වැළැක්වීමේ පියවරයන් ඉදි කිරීම
- ජාතික මාර්ග ජාලයේ නාය යෑම් ආපදා වැළැක්වීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කරන ලද ජපාන යෙන් මිලියන 7,619ක අරමුදල් භාවිතයෙන් අපේක්ෂිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් පසුව තවදුරටත් ඉතිරිව පවතින ජපාන යෙන් මිලියන 2,000ක අරමුදල් භාවිත කරමින් නාය යෑමේ ඉහළ ප්‍රවණතාවයක් සහිත ප්‍රදේශ ලෙස හඳුනාගනු ලැබ ඇති අඹේපුස්ස - කුරුණෑගල - ත්‍රිකුණාමලය මාර්ගයේ 10වන කිලෝ මීටරය, වැල්ලවාය - ඇල්ල කුඹල්වෙළ මාර්ගයේ 27වන කිලෝ මීටරය සහ බෙරගල - හාළිඇළ මාර්ගයේ 22වන කිලෝ මීටරය, 6වන කිලෝ මීටරය හා 33වන කිලෝ මීටරය ආශ්‍රිත ස්ථානයන්හි නාය යෑම් වැළැක්වීමේ ඉදි කිරීම් කටයුතු සිදු කරවා ගැනීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.