• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොරියානු ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල යටතේ තෝරා ගත් රෝහල් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම
- ඇතැම් රෝහල්වල ස්ථාපනය කර ඇති වෛද්‍ය උපකරණ බොහොමයක් වසර 10කට වඩා පැරණි, භාවිත කළ නොහැකි සහ ජීව කාලය අවසන් තත්ත්වයේ පවතින බව හඳුනාගනු ලැබ ඇත. එමෙන්ම ඇතැම් රෝහල්වල දෛනික ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය අමතර වෛද්‍ය උපකරණවල හිඟයක් පවතින බවද නිරීක්ෂණය වී ඇත. අන්තර්ජාතික සෞඛ්‍ය ආරක්ෂණය සඳහා වන කොරියානු පදනමේ නියෝජිතයින් විසින් නව වෛද්‍ය උපකරණ සැපයීම සඳහා වන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යනයක් සිදු කළ අතර, තෝරාගත් රෝහල් 17ක පවතින භාවිත කළ නොහැකි හා ආයු කාලය අවසන් වූ වෛද්‍ය උපකරණ වෙනුවට නව වෛද්‍ය උපකරණ සැපයීම සඳහා වන ව්‍යාපෘතියකට සහනදායී ණය යෝජනා ක්‍රමයක් යටතේ අරමුදල් සැපයීමට කොරියානු ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල එකඟතාව පළ කරනු ලැබ ඇත. ඒ අනුව, එම පදනම වෙතින් සපයනු ලබන ඇමරිකානු ඩොලර් මිලියන 80ක අරමුදල් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.