• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2011 අංක 43 දරන ඌන ක්‍රියාකාරි ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත අවලංගු කිරීම
- ඌන ක්‍රියාකාරි ව්‍යවසාය හෝ ඌන උපයෝජිත වත්කම් රජය සතුකර ඒවා විධිමත් ලෙස කළමනාකරණය, පරිපාලනය හෝ පුනරුදය සඳහා විධිවිධාන සැලැස්වීමටත්, ඒවාට අදාළ වන්දි ගෙවීමටත් විධිවිධාන සැලසීම පිණිස 2011 අංක 43 දරන ඌන ක්‍රියාකාරි ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත පනවනු ලැබ ඇත. එසේ වුවද, එකී පනත මඟින් ආයෝජකයන් තුළ අවිනිශ්චිතතාවක් ඇති කරන බැවින් හා රටෙහි ව්‍යාපාර කිරීමේ පහසුව කෙරෙහි අහිතකර අන්දමින් බලපාන බැවින් එකී පනත අවලංගු කිරීම සඳහා වන යෝජනාවක් 2018 අයවැය මඟින් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව එකී පනත අවලංගු කිරීම සඳහා සකස් කර ඇති පනත් කෙටුම්පත අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.