• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පතට යෝජිත සංශෝධන
- දැනට ක්‍රියාත්මක වන සුරැකුම්පත් විනිමය පනත යාවත්කාලීන කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබේ. එම කෙටුම්පත පිළිබඳ අදාළ ක්ෂේත්‍රයේ, ඒ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන් විසින් තවදුරටත් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින් කොටස් වෙළඳපොළේ ඵලදායී ප්‍රාග්ධන වෙළඳපොළ රෙගුලාසි සඳහා අවශ්‍ය වන නිවැරදි කිරීම් සහ ඉහළ ස්වාධීනත්වයක් පවත්වා ගනිමින් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ වගවීම ඉහළ නැංවීම සඳහා වන සංශෝධනද, එම පනත් කෙටුම්පතට ඇතුළත් කරමින් සංශෝධනය කිරීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.