• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලෝහෝර් ආර්යා ණය අරමුදල් පනතේ වගන්ති සංශෝධනය
- රජයේ සේවකයන්ට සහන පොලී ප්‍රතිශතයක් යටතේ ණය ලබා දෙනු ලබන ලෝහෝර් ආර්යා ණය අරමුදල 1927 දී ආරම්භ කරනු ලැබ ඇති අතර, වර්තමානයේදී වාර්ෂිකව රුපියල් මිලියන 400ක පමණ මුදලක් සහන පොලී ප්‍රතිශයක් යටතේ ණය වශයෙන් ලබා දෙනු ලබයි. එම අරමුදල තවදුරටත් වර්ධනය කරගැනීමට හැකිවන පරිදි එහි විගණන කාර්යයන් විගණකාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට හැකි වන අයුරින් 1951 අංක 38 දරන ලෝහෝර් ආර්යා ණය අරමුදල් පනතේ අදාළ වගන්ති සංශෝධනය කිරීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.