• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගංවතුරෙන් හානියට පත් වූ කොළොන්නාව ප්‍රදේශයේ නිවාස වෙනුවෙන් වන්දි පිරිනැමීම
- 2016 වසරේදී ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් කැලණි ගඟ පිටාර යාම හා වැසි ජලය ක්‍රමවත්ව බැස යාමේ ගැටලු සහගත තත්ත්වය හේතුවෙන් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශ කිහිපයක් ගංවතුරට ලක්විය. එම ගංවතුර නිසා හානියට පත් වූ ඇතැම් නිවාස හා දේපල වෙනුවෙන් ජාතික රක්ෂණ භාර අරමුදල විසින් වන්දි ගෙවීම සිදු කර තිබේ. එම වන්දි මඟින් ආවරණය නොවූ ගංවතුරින් හානියට පත් වූ තවත් නිවාස සඳහා වන්දි ගෙවීම අවශ්‍ය වේ. ඒවා අතුරින් සිදු වූ හානි පිළිබඳ තක්සේරු වාර්තා ඉදිරිපත් වී ඇති නිවාස ඒකක 1,070ක් වෙනුවෙන් වන්දි ගෙවීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.