• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන - 2019
- ජනාධිපති කාර්යාලයේ මෙහෙයවීමෙන් "පුනරුදය" තුන් අවුරුදු (2015 - 2018) පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව සැලසුම් කරන ලද වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකාවේ තිරසර පරිසරයක් ඇති කරගැනීමේ අපේක්ෂාවෙන් යෝජිත පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.