• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය' අනුරාධපුරයේදී සහ යාපනයේදී පැවැත්වීම
- දිවයින පුරා නව ව්‍යවසායකයින් 100,000ක් බිහි කොට එමඟින් ජාතික නිෂ්පාදනය ඉහළ නැංවීමේ හා අපනයන වර්ධනය කරගැනීමේ අරමුණින් යුතුව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහනේ පළමු ප්‍රදර්ශනය මොනරාගල ප්‍රදේශයේ සාර්ථකව පැවැත්වූ අතර, 'රජයේ 2025 දැක්ම' යටතේ එහි දෙවැනි ප්‍රදර්ශනය අනුරාධපුරයේදී හා තෙවැනි ප්‍රදර්ශනය යාපනයේදී පිළිවෙලින් මෙම වර්ෂයේ මැයි හා ජූලි මාසයන්හිදී පැවැත්වීමට අපේක්ෂිතය. මෙම ප්‍රදර්ශන පෞද්ගලික අංශයේ අනුග්‍රහය යටතේ මූල්‍යයනය කර ගනිමින් පැවැත්වීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.