• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'ඉන්දියානු සාගරය : අපගේ අනාගතය නිර්වචනය කරයි' අමාත්‍ය සමුළුව, 2019 පැවැත්වීම
- අනාගතයේදී ලෝක ආර්ථිකයේ වර්ධන කේන්ද්‍රය බවට පත් වීමට ඉන්දියානු සාගරයට හැකියාව ඇති බව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, සමුද්‍රාශිත රාජ්‍යයන්ගේ සහ ප්‍රධාන නාවික පරිශීලකයින්ගේ ප්‍රයෝජනය පිණිස ඉන්දියානු සාගරයේ යාත්‍රා කිරීමේ නිදහස ශක්තිමත් කිරීම සඳහා 'ඉන්දියානු සාගරයේ සමූද්‍රීය සාමය' යන තේමාව යටතේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී සමුළුවක් පැවති අතර 'ඉන්දියානු සාගරය: අපගේ අනාගතය නිර්වචනය කරයි' යන තේමාව යටතේ ඉන්දියානු සාගර වෙරළාසන්න රාජ්‍ය හා සමුද්‍රය භාවිත කරන රටවල් 40ක ජ්‍යෙෂ්ඨ නියෝජිතවරුන්ගේ සමුළුව කොළඹ දී පවත්වන ලදී. කොළඹ දී පවත්වන ලද සමුළුවේදී යෝජනා වී ඇති පරිදි මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහන සමඟ එක්ව 'ඉන්දියානු සාගරය: අපගේ අනාගතය නිර්වචනය කරයි' යන තේමාව යටතේ 2019 අගභාගයේදී ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ රැස්වීම සහ අමාත්‍ය සමුළුව කොළඹ දී පැවත්වීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.