• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අම්පාර - දීඝවාපි දාගැබ ප්‍රතිනිර්මාණය කිරීම
- සද්ධාතිස්ස රජතුමා විසින් ඉදි කර ඇති, 1947 දී ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අම්පාර - දීඝවාපි දාගැබ ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය විශේෂිත වර්ගයේ ගඩොල් සපයා ගැනීම සහ මෙම ප්‍රතිනිර්මාණ කටයුතු සඳහා අවශ්‍ය වන ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා යුද හමුදාව වෙතින් ලබාගැනීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.