• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුන්දෙනි ආරු ගංගා නිම්න සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර උපදේශක සේවාවන් ලබා ගැනීම
- රුපියල් මිලියන 35,500ක පමණ ආයෝජනයක් යටතේ සිදු කිරීමට නියමිත මුන්දෙනි ආරු ගංඟා ද්‍රෝණිය ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතිය මඟින් නැ‍ඟෙනහිර පළාතේ අම්පාර හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල ඉඩම් හෙක්ටයාර 13,200කට වාරිමාර්ග පහසුකම් සැලසීම, පානීය ජලය සැපයීම, ගංවතුර වැළැක්වීම යනාදී අරමුණු සහිතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර, එය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පළපුරුද්ද සහ හැකියාව සහිත උපදේශකවරයෙකු තෝරාගැනීම පිණිස දේශීය විදේශීය උපදේශක ආයතන වෙතින් යෝජනා කැඳවීමටටත්, එම යෝජනා ඇගයීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවක් පත් කිරීමටත් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.