• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පෑලියගොඩ ඉදිකිරීමට යෝජිත අඩු ආදායම්ලාභීන්ට නිවාස සැපයීමේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වන ඉඩම වැඩිදියුණු කිරීම
- රුපියල් බිලියන 190ක පමණ ආයෝජනයක් සහිතව කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත ජනාවසාවල ජීවත් වන ප්‍රජාව වෙත නිවාස සැලසීමේ අරමුණ සහිතව ක්‍රියාත්මක වන නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ නිවාස ඒකක 40,000ක් ඉදි කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. එහි ප්‍රථම අදියර වශයෙන් ව්‍යාපෘති 16ක් සම්පූර්ණ කරනු ලැබ ඇති අතර පවුල් 8,380ක් එම නව නිවාසයන්හි පදිංචි කර තිබේ. එහි දෙවන අදියර ය‍ටතේ නිවාස ඒකක 7,400කින් යුත් ව්‍යාපෘති 12ක් නිම කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘති යටතේ පෑලියගොඩ ප්‍රදේශයේ නිවාස ඒකක 600ක් ඉදි කිරීම සඳහා යොදා ගනු ලබන ඉඩම වඩාත් හොඳින් සංවර්ධනය කිරීම පිණිස ගේබියන් බැම්ම ඉදිකිරීම හා ඇළ මාර්ගය පිළිසකර කොට වැඩිදියුණු කිරීමේ කටයුතු රුපියල් මිලියන 217.34ක පිරිවැයක් ය‍ටතේ එවැනි කාර්යයන් පිළිබඳ ප්‍රවීණතාවයක් දක්වන ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙතින් ඉටු කරවා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.