• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බත්තරමුල්ලේ වෝටර්ස් එජ් සමාගම සඳහා කාමර 48කින් යුත් හෝටලය ඉදි කිරීම
- බත්තරමුල්ලේ වෝටර්ස් එජ් හෝටලය දැනට පවතින පරිශ්‍රයේම කාමර 48කින් යුත් නාගරික කුඩා සුඛෝපභෝගී හෝටලයක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,288.7ක මුදලකට සීමාසහිත සතුට බිල්ඩර්ස් පුද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.