• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයීය සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය සඳහා වූ ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම
- ශ්‍රී ලංකා නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයීය සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය සඳහා වූ ගොඩනැඟිලි සංකීර්ණය ආරබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදලේ මූල්‍ය සහාය සහිතව රුපියල් මිලියන 7,978ක මුළු ආයෝජනයක් යටතේ මඩකලපුව, පිල්ලෙයාරඩි ප්‍රදේශයේ අක්කර 50ක භූමිභාගයක් තුළ ඉදි කිරීමට යෝජනා වී ඇත. ඒ සඳහා වන ගොඩනැඟිලි ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 2,887.95ක (බදු රහිත) මුදලකට සීමාසහිත ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන් කන්සෝටියම් පුද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.