• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය සඳහා මහල් හතරකින් යුත් ගොඩනැඟිල්‍ලක් ඉදි කිරීම
- 1975 වර්ෂයේදී කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධව ආරම්භ කරන ලද පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය සඳහා ප්‍රමාණවත් ඉඩ පහසුකම් සලසා දීම පිණිස මහල් 4කින් යුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට යෝජනා වී ඇත. එහි පළමු අදියරේ ඉදි කිරීම් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 393ක මුදලකට සීමාසහිත සතුට බිල්ඩර්ස් (පුද්ගලික) සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.