• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අකුරේගොඩ ආරක්ෂක හමුදා මූලස්ථාන ඉදිකිරීම් ව්‍යාපෘති සංකීර්ණයේ ගොඩනැගිලි අංක 08 සඳහා යාන්ත්‍රික වාතාශ්‍ර හා වායු සමීකරණ පද්ධතිය සැපයීම හා ස්ථාපනය කිරීම
- අකුරේගොඩ ආරක්ෂක හමුදා මූලස්ථාන ඉදි කිරීම් ව්‍යාපෘති සංකීර්ණයේ ගොඩනැඟිලි අංක 08 සඳහා යාන්ත්‍රික වාතාශ්‍ර හා වායු සමීකරණ පද්ධතිය සැපයීම හා ස්ථාපනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s Frigi Engineering Services (Pvt.) Ltd වෙත ප්‍රදානය කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.