• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ (IMO) සම්මුතීන්ට අනුකූලව 1971 අංක 52 දරන වෙළඳ නැව් පනත සංශෝධනය කිරීම
- ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය (IMO) විසින් අනිවාර්ය ප්‍රඥප්ති ලෙස පනවා ඇති ඉතා වැදගත් ජාත්‍යන්තර ප්‍රඥප්තිවලට අනුකූලව එහි සාමාජික රාජ්‍යයන් කටයුතු කළ යුතු වේ. ඒ අනුව, ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ ප්‍රඥප්ති සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අවශය නීති පැනවීම පිණිස ශ්‍රී ලංකාවේ වෙළඳ නාවික කටයුතු හා ඊට අනුබද්ධිත සියලු කටයුතු නියාමනය කරනු ලබන 1971 අංක 52 දරන වෙළඳ නැව් පනත සංශෝධනය කිරීම පිණිස කෙටුම්පත් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත රජයේ අති විශෙෂ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සදහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.