• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගැමි නිවාස කමිටු ප්‍රතිසංවිධානය කිරීම
- 'සැමට සෙවණ' ජාතික නිවාස වැවඩසටහන දීපව්‍යාප්තව විධිමත් අයුරින් ක්‍රියාත්මක කිරීම සඳහා දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ගැමි නිවාස කමිටු ස්ථාපිත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව මේ වන විට කොට්ඨාස 11,192ක ගැමි නිවාස කමිටු පිහිටුවා ඇත. මෙම ව්‍යාපෘතිය මඟින් ළඟා කරගැනීමට අපේක්ෂිත අරමුණු වඩාත් සඵලදායී අන්දමින් ඉටු කරගැනීම සඳහා ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් ඔබ්බට ගොස් අනු ගම්මාන මට්ටමින් ගැමි නිවාස කමිටු පිහිටුවීමටත්, එම ගැමි නිවාස කමිටු, ප්‍රජා ජනාවාස කමිටු වශයෙන් නම් කර දිවයිනේ සෑම අනු ගම්මානයකම ප්‍රජා ජනාවාස කමිටු පිහිටුවීමටත් නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.